පාන්දරින් ඉස්කෝලේටpaandharin iskooleeta

Pandarin Iskoleta

සංගීතය:
සුනිල් දයානන්ද කෝනාරsunil dhayaanandha koonaara
පද රචනය:
අද්මිරාල් සෝමතිලක දිසානායකadhmiraal soomathilaka dhisaanaayaka

ගී පද

පාන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
(හනි හනිකට උඹ යනකොට.....//)
පාර කියන් නෑ තෝනෙන් පාර කියන් නෑ කෙවිටෙන්.......

පුංචි කාලේ උඹට බොන්න එරිච්ච කිරි බිව්වලු මං
වත්ත පහළ උඹේ පිනුම් දැක්කම හිනැහුණාලු මං
ලාඩම් නැති උඹේ පා කුර ගල් කන්දෙදි රිදෙන තරම්
උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන් අඬනවා මං......
පාර කියන් නෑ තෝනෙන් පාර කියන් නෑ කෙවිටෙන්.......

ඉස්කෝලෙන් ශිල්ප අරන් මං ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට කළගුණ මං සලකන්නම්
බැරි බර දෙන මේ වියකර උඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනින්න ගෙජ්ජි වැලක් පළඳන්නම්
පාර කියන් නෑ තෝනෙන් පාර කියන් නෑ කෙවිටෙන්.......

පාන්දරින් ඉස්කෝලේට......