පැන්චියේpaenchiyee

Panchiye

ගී පද

දුක හිතුනද පැන්චියේ ලඟ නැහැ කියලා
දුර රටකට මං ගියේ අපි ගැන හිතලා
ඔබෙ සුවඳම ලඟ තියේ අනෙ නැහැ මැකිලා
පපුවම මාගේ ඇවිළුනේ හීනෙන් දැකලා

හඬවන්නේ නෑ හිත පාරන්නේ
අද හෙට මං එන්නේ ඉගිලිලා
වැලපෙන්නේ හදවත කකියන්නේ
කඳුලැලි රුරන්නේ ඔබ නිසා

ඔබෙ රුව ඇත මා ලයේ ගැඹුරට ඇදිලා
නැත හිත කොහෙවත් ගියේ ඔබෙ ලග ඉදලා
සිපගත් හැටි ගොම්මනේ ඔබ ඇස් වහලා
මතකද මං හැංගුනේ උනුහුම හොයලා

හඬවන්නේ නෑ හිත .... //