පණට නමක්panata namak

Panata Namak

සංගීතය:
හෂාන් තිළිණhashaan thilina
පද රචනය:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

ගී පද

තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනත් මා ළඟ අපගේ නොවේ අප
හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

(පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණේ ඔබේ පිළිගන්නම්...//)

යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාධා මගෙන්
මොනව ලැබගන්ද මං නවතා බලෙන්
පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම්...//

සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම්...//