පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාටpana waagee hitiyaata wen wiilaa giyadhaata

Pana Wage Hitiyata

ගී පද

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා

ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා

ස් ථීර ආලයට මැරුණත් සැපක්  නම්
මා ජීවේ සැපතක්  ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා