පණ සේ ලංවීලාpana see lanwiilaa

Pana Se Lan Weela

ගී පද

පණ සේ ලංවීලා
සිත් සේ පෙම් බන්දා
ඇයිදෝ හැරයන්නේ මා
නැතිදෝ හද උණුවෙලා //

උමතුයි හැඟුමන් පාරයි මතකෙන්
සිහිවේ තැනුනු පෙම් මාළිගා //
ආයේ මා රැදිලා
ගෙනයන් ඔබේ කරලා

පණ සේ ....

නිදිගත් දෙනුවන් ඇහැරෙයි කඳුලින්
දවමින් සෙනෙහෙ පෑ ප්‍රාර්ථනා
එන්න මා ප්‍රේමී වෙලා
ගෙනයන් ඔබේ කරලා

සන්තාපේ ගිලිලා
විරහා ගී ගයාලා
ඉන්නෙදෝ දෙතැනක වෙලා
හිදිමිදෝ අපි අපේ වෙලා