ගී පද
මේ විශ්වයේ තරු කැට තරම් මං ආදරෙය් රත්තරන්
මගේ හිත සින්නක්කර ඔබ අරන්
හිනැහෙන්න හැමදාම රත්තරන්
(පණ මාගේ ඔබ මාගේ
ළංවීලා ළඟින් ඉමු රත්තරන්...//)
සංසාරෙන් සංසාරේ මං ඔබ සොයා ආවා
ඔබ මාගේ ඔබ මාගේ සඳ තරුට මං කීවා
හිත් අපගේ හමු වීලා මොන මොනවදෝ කීවා
සංසාරෙන් සංසාරේ මතු අපි අපේ වේවා...
(පණ මාගේ ඔබ මාගේ
ළංවීලා ළඟින් ඉමු රත්තරන්...//)
සංසාරෙන් සංසාරේ මං ඔබ සොයා ආවා
හිත අස්සේ හැංගීලා කවි කීවා මා කීවා
ඒ මතකේ නැවතීලා මං ඔබ සොයා ආවා
සංසාරෙන් සංසාරේ මතු අපි අපේ වේවා...
(පණ මාගේ ඔබ මාගේ
ළංවී ළඟින් ඉමු රත්තරන්...//)
(ළංවී ළඟින් ඉමු රත්තරන්...//)