පෑන අතට ගත්තේ අම්මේpaena athata gaththee ammee

Pana Athata Gaththe Amme

ගී පද

පෑන අතට ගත්තේ අම්මේ
ලියුම ලියන්න
විවේකයක් ලැබුණේ නැහැ  
ඉවර කරන්න
අපි ගැන බය වෙන්න එපා
ඉවසන් ඉන්න
(ගිනි අවි අපි අතට ගත්තේ
රට රැක ගන්න...//)

මහා වැස්සට ගිනි අව්වට ඔරොත්තු දෙන්න 
අම්ම නේද යකඩ හිතක් දුන්නේ පුතුන්ට 
අන්තිම සතුරත් අවසන් කරන තුරාම 
අම්මගේ ආශිර්වාදය දෙන්න පුතුන්ට 

පෑන අතට ගත්තේ අම්මේ....

නෙතට නින්ද කුසට අහර නොමැති උනාට 
සතුරු බලය නසන තුරුයි සිතට පිපාස 
අපේ අවසන් හුස්ම පොදක් තියෙන තුරාම 
දිවි හිමියෙන් රැක ගන්නවා ලක් මෑනින්ව  

පෑන අතට ගත්තේ අම්මේ....