පමා නොවී සමාව දීpamaa nowii samaawa dhii

Pama Nowee Samawa Di

ගී පද

පමා නොවී සමාව දී 
සොයා තියාගත් හැම සේරමත් පිදූ 
ජීවිතයේ බැරි අමාරුකම් 
කොයි කාටවත් නොපෙන්වූ 
තාත්තේ මං ඔබගේ එකම පුතු 
හැමදාමත් ඔබ 
සිතින් පැතු හොඳම පුතු
තාත්තේ මං ඔබගේ එකම පුතු 
හොඳම පුතු...

හමා ඇදී  ගිය සුසුම් කුණාටු 
මායිම් කොට නොතැකු 
හිමාලය වගේ නොසැලී ළඟ හිටපු 
හුමාලය පවා සුවඳයි ඔබෙන් හැමූ 
මගේ එකම විරුවා මා මේ ලොවේ දුටු 
තාත්තේ ඔබයි 
මං ඒ ඔබේ පුතු...

නිමා නැති ආදරයේ තරමට 
තුන්සිත මත ඇහිරූ 
තමා ගැනද නොසිතා අප ගැනම සිතු 
නිමා නෑ ඔබේ පිරිමිකමින් පිරුණු  
සිහිපත් කරන්න අද ඇත්තේ කඳුළු 
තාත්තේ ඔබේ 
මං ඔබ වගේ පුතු//