පාළු සුසානේ ප්‍රේම පුරාණේpaalu susaanee preema puraanee

Palu Susane Prema Purane

සංගීතය:
සරත් ද අල්විස්sarath dha alwis
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

(පාළු සුසානේ ප්‍රේම පුරාණේ 
කඳුළු විලාපේ මා තමයි 
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ...//)
මට අමතක නෑ... 
ඔබට මතක නෑ...

ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී 
ආදරයක් මිය යාවිදෝ 
හදවත ගොළු වී ඔබේ නාමයෙන් 
ජීවිතයක් නවතීවිදෝ 
මා විමසන්නෙමි කියන්නකෝ මට 
කෙලෙසද මේ ලෙස කුරිරු උනේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ.../

මගෙ අත්තටු බිඳ පියා සරාලා 
යන්නට ඔබ පැතු චේතනා 
ඔබයි දිනූවේ පරාජිතයි මා 
මේකද මට දුන් වාසනා 
ආදර රේඛා සුසුම් හෙලාවී 
කම්පා කරවා මහී තලේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ.../ 

දෛවය මෙය නම් සුදු අපි නාඬමු 
හමුවෙමු මතු සංසාරයේ 
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා 
ඇවිලෙන මේ ගිණි මා ළයේ 
ඔබ නොව ලඳුනේ මමයි සදාකල් 
අසරණ වූයේ කුමාරියේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ 
කඳුළු විලාපේ මා තමයි 
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ... 
ඔබට මතක නෑ...