පාලු රැයකදිpaalu raeyakadhi

Palu Rayakadi

ගී පද

පාලු රැයකදි මුහුදු වෙරලේ
තනිව හිඳිනා විට ඔහේ
අහස මුදුනට සඳ ඇවිත් මට
කියයි ඔබ ගැන කොදුරලා
කඳුකරේ හිදිනා මගේ
පෙම් මිහිරියාවිය සිහිවෙලා
කොළඹ නගරය හනික හැරදා
එන්න හිතෙනව පියඹලා

ඈත අහසේ් දිලෙන තරැවේ
ඔබෙි දෙනයන ඉඟි කලා
ගතේ දැවටෙන සීත සුළඟට
ඔබෙි සුවඳත් එක්වෙලා
ගමෙි ඔබ හා උන්නු කාලය
කී කතාවන් සිහිවෙලා
තවම මා මෙහි තනිව ඉන්නේ
දෑස කඳුලෙන් බොඳ වෙලා

පාලු රැයකදි මුහුදු වෙරලේ....

කාසි බාගේ එකතු කරගෙන
වාසි වු දා අත මිටේ
ගෙලට මාලද අතට වලලුද
අරන් එන්නට හිත තියේ
කොවුල් රැව්දෙන රබන් හඩ දෙන
මල් පිපී එන බක් මහේ
ඔබ දකින්නට ගමට එන තුරැ
ඉවස ඉදිමුකො අපි නගේ

පාලු රැයකදි මුහුදු වෙරලේ....