පාළු හිතටpaalu hithata

Palu Hithata

සංගීතය:
මංජුල වැල්ලවත්තගේmanjula waellawaththagee
පද රචනය:
දිනුෂ සම්පත්dhinusha sampath

ගී පද

පාළු හිතට සිනාසෙන්න කියා දුන් ඔයා 
හිත අද්දර හඬා වැටෙන්නත් පුරුදු කළා
රෑ සීතේ තනිකම මැද නිදි යහන පුරා 
කඳුළු බින්දු ඇහැරෙනවා ඔයා නැති නිසා.......

(හීන ගානේ මගේ මේ හිත අරන් ගිය ඔයා
කඳුළු පිරුණු තනි හීනෙක අතරමං කළා.....//)
කඳුළු බින්දු මේ තරමින් උණුහුම්ද කියා
කියාදුන්නේ ඔබමයි දෙනෙත් රවටලා......

පාළු හිතට......

(හිස් අහසේ රන් කහවනු සොයා ගිය ඔයා 
මගේ සෙනෙහේ ඔය හිත ළඟ සොච්චමක් කළා......//)
මගේ සුසුම් මේ තරමින් බර වැඩිද කියා
කියාදුන්නේ ඔය හිතමයි දෙනෙත් රවටලා......

පාළු හිතට......