පාලොස්වක සඳ දැක්කටpaaloswaka sanda dhaekkata

Paloswaka Sanda Dekkata

ගී පද

පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ......

හමුවෙනවා හමුවී අප හිනැහෙනවා
සංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවා
පෙම්වතෙකුට පෙම්වතියක් එතනදී හමුවෙනවා
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ.....

පාලොස්වක සඳ දැක්කට......

සඳ එනවා තරු කැට ළඟ සැතපෙනවා
සඳපානේ කොතැනක හෝ සාරිය වැජඹෙනවා
තරු යායේ තරු කැකුලියෝ තාලේට රඟ දෙනවා
අහසක් වගේ පුළුල් ආදරේ රහසක් වගේ රකිමි ආදරේ.....

පාලොස්වක සඳ දැක්කට.....
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ.....