පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නැpaaloswaka sanda dhaekkata hitha pirennee nae

Paloswaka Sanda Dakkata

ගී පද

පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නැ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ

හමුවෙනවා හමුවී අප හිනැහෙනවා
සංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවා
පෙම්වතෙකුට පෙම්වතියක් එතනදී හමුවෙනවා
පිලිගන්වමි මගේ ආදරේ
පිලිගන්නකෝ සැබෑ ආදරේ

සඳ එනවා තරු කැට ලඟ සැතපෙනවා
සඳපානේ කොතැනක හෝ සාරිය වැජඹෙනවා
තරු යායෙ තරු කැකුලියො තාලෙට රඟ දෙනවා
අහසක් වගේ පුළුල් ආදරේ රහසක් වෙගෙ රකිමි ආදරේ