පැලේ වසන රන්මලීpaelee wasana ranmalii

Pale Wasana Ran Mali

ගී පද

පැලේ වසන රන්මලී - මගේ සොඳුරු සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොයා එමී රන්මලී

වෙළේ දියෙන රන් ගොයම් කරල් - ඔබේ හඬට යයි නැමී
වනේ පිපෙන මල් සිනා සිසී - ඔබේ දෙපා පොඩි සිඹී

මගේ දිළදු රන්මලී - ඉතා ගුණැති සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොය එමි රන්මලී

ඔබේ දිළිදුකම යටයි සුදෝ - සැබෑ සොඳුරු ගුණ නිසා
ඔබේ සිනාවත් අගෙයි මටා - හෙළේ ඔටුන්නට වඩා

මගේ සොඳුරු රන්මලී -  ඉතා ගුණැති සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොය එමි රන්මලී