පලංචියේ ලී ඉරුවේpalanchiyee lii iruwee

Palanchiye Lee Iruwe

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
වසන්ත කුමාර කොබවකwasantha kumaara kobawaka

ගී පද

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොඳ හිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද..

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට

දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පමිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
(ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට)...////