පැහැසර සිනහවටpaehaesara sinahawata

Pahasara Sinahawata

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
දිලුෂන් චන්දිරම්dhilushan chandhiram

ගී පද

පැහැසර සිනහවට වසඟ වෙලා
සිත නොකියම මට දුරක ගියා
ගිය දුර අද මට දුකක් වෙලා
සිත හඬනවා දැන් ගිලන් වෙලා
හිනැහෙනු නෑ ආයේ
(කඳුළුයි මගේ උරුමේ...///)

හෙමිහිට හෙමිහිට ළඟට වෙලා
තනිකඩ මගෙ හිත දෙකඩ කළා
කවදාවත් වෙන් නොවෙමි කියා
මට නොකියම දුර ඉගිල ගියා
මට මම මා අද නෑනේ
හිනැහෙන්නට ඔබ ඕනේ
කඳුළුයි මගේ උරුමේ...

සඳතරු හිනැහෙන රෑ අහසේ
ඔබ පමණයි මට පෙනුණේ
වැලපෙන මාගේ හිත වාගේ
ඔබ වැලපෙන්නේ නැහැනේ
මට මම මා අද නෑනේ
හිනැහෙන්නට ඔබ ඕනේ
කඳුළුයි මගේ උරුමේ...

පැහැසර සිනහවට...