පබසර රන් පබළුpabasara ran pabalu

Pabasara Ran Pabalu

ගී පද

පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ
රජ කිරුළු අගය නැතේ
ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ
දිළිදු පැලේ එළිය ඇතේ 

ගඟ බැස ඒ සයුර බලා
හිරු හිනැහේ නෙළුම නෙලා
නෙත සිත හා එකතු වෙලා
ඔබ දැකුමින් උමතු වෙලා

පබසර රන් පබළු....

කළුවර රෑ රළු අහසේ
තරු වැල හා අඩ සඳ සේ
නොපිරුණු මේ සිතට මගේ
ඔබ ගෙන එයි සතුට අගේ 

පබසර රන් පබළු....