පබළු නගේ නාමල් තිලකේpabalu nagee naamal thilakee

Pabalu Nage Namal

ගී පද

පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ
නුඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ
සුමනෝ
නුඹ ඇයි නැත්තේ

මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙපස එළි මැද්දේ
මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ
නුඹ ඇයි නැත්තේ