පාටින් පාට අවුලාpaatin paata awulaa

Paatin Paata Awula

ගී පද

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ

හිත් බිතුවේ හිස් අවකාශයේ
තෙලිතුඩකින් සිතුවිලි රෝෂයේ
කටු සටහන් කල රෑපාශයේ
සිරවේ මා ආදර ක්ලේෂයේ

පාටින් පාට අවුලා...

සඳ රවටා සුදු පැහැ ගමි සොරා
තරු බිඳ දා නිල් දිය ගෙන පෙරා
ඝණ රන් පෑ ගන්නෙමි හිරැ මරා
ලෝහිත පෑ තවරමි හද ඉරා

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ

ලෝකයම ගෙන අඳිමි
ඇය මනාවා 
ඒ නැමදුම් මගහැරැණි
පෙම් හිනාවා

පාටින් පාට අවුලා...