පාත ඉඳන් අපි ආවේpaatha indan api aawee

Paatha Indan Api Awe

පද රචනය:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

ගී පද

පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...//

හීල් හෙවණේ ඉඳගෙන බෑ 
හේන් කුඹුරු වැඩ කරන්න//
ඇඟපත කළු වුනත් අපේ 
කිලි කුණු නැති හිත බලන්න 
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...

පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...//

මූදු ගියා ලෙලි තැලුවා 
පිළි ගඳින් බෑ මිදෙන්න//
ඒත් අපේ මල් සුවඳයි 
එපා බාර නොගෙන ඉන්න 
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...

පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...//