ගී පද
ඔයාටයි මං ආදරේ ඔයා නම් දන්නෑ වගේ
ඉන්නකොට මං පාඩුවේ මතක් වෙන එකමයි වැඩේ
හුරතලේට ආදරේ ඔයා ළඟ මගේ ජීවිතේ
කියාගන්න බෑ අනේ ඔයාටයි මං ආදරේ
ඔය මුහුණ සඳ වාගෙමයි සඳ එළිය මට හා කියයි
ඇස් දෙකම තරු කැට වගෙයි තරු එළිය ඒ පාටමයි
හිත කීරි ගැහුන එක පාරටයි හිත ඇදී යන්නේ හිනාවටයි
හිනාවෙද්දි හරි ලස්සනයි මට ආදරේ හිතුනේ ඒකමයි
ඔයාටයි මං ආදරේ ....
ඔයා මට සුළඟක් වගෙයි සුළඟ ඇවිදින් හාදු දෙයි
සිනිදු අතඟිලි සුවඳ ඇයි හුස්මගන්නට බෑ වගෙයි
දඟකාරකම්වලට ආදරෙයි හැඩකාරි මං ගාව දඟවැඩී
සිඟිති කතන්දර කෝටියයි තව ආදරේ හිතුනේ ඒකමයි
ඔයාටයි මං ආදරේ ....