ඔයාට රත්නේ මං ආදරේoyaata rathnee man aadharee

Oyata Rathne Man Adare

ගී පද

ඔයාට රත්නේ මං ආදරේ
රඟන්නේ ඒකයි විනෝදයේ
(මොණරා මෙන්න මේ 
ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ...//)

ඔයාට රත්නේ මං ආදරේ
රඟන්නේ ඒකයි විනෝදයේ
(මොණරා මෙන්න මේ 
ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ...//)
ඔයාට රත්නේ මං ආදරේ...

පුංචි පුංචි මල් පිපිලා හරිම ලස්සනයි
රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි
රොන් උරන්න රොන් උරන්න 
තවත් පැණි පිරෙයි 
ආදරේට ආදරේම එක් වුණා වගේ...

ඔයාට රත්නේ...

පුන් සඳේ කැලුම් වැදීලා රන් ගොයම් නැටෙයි
තාරකා දිලෙන්නේ ඈගේ නෙත් කුසුම් වගෙයි
සුන්දරීගේ මූණ වාගේ රත් පියුම් දිලෙයි
ආදරේ කියන්න ඔබට මේ පැයේ අගෙයි...

ඔයාට රත්නේ...