ඔයාට පිංoyaata pin

Oyata Pin

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
ගිහාන් G3gihaan g3

ගී පද

ආයෙත් පිදූ හිතට මං ලංවෙලාලු
ඉවසලා ඉන්න හුරුවුනාලු  
බොහෝ කාලයක් ගත වෙලාලු 
ජීවිතේ වැරදුනාලු
ලඟම හැමදාම නැවතිලාලු  
උන්නු ඇය මාව හැරගියාලු 
බණ කියලා මාව රවටලාලු 
පුදුම නෑ නුඹ ගියාලු 

හොයන දේ ලැබෙන්නෙ නෑ 
ලැබෙන දේ තියෙන්නෙ නෑ 
වටින දේ ලඟින් රැඳෙන්නෙ නෑ 

(මාව අතහැරියට ඔයාට පින් 
දුන්නු හිත විසිකර දැමුවට පින් 
තෑගි පිට තෑගිත් දුන්නට පින් 
ආදරේ තේරුම් නොගියට පින්)//

අම්මට තාත්තට යාළුවන්ට පිටු පාලයි මං ආදරේ කලේ 
ඒ ආදරයට ඔබ තව ආදරයක් කොහොමද අද එකතු කලේ    
මං මියදුනා මගේ ආදරේ පැරදීලා  
දිවුරලා ඔබ ගියා අයෙමත් එන්නෑ කියා 

මාව අතහැරියට ඔයාට පින්....//

ඇස් දෙකට කඳුළු පිරෙන්න තරමට දුකක් හිතට මගෙ දැනුනාවේ 
මල් කඩපු කලේ ඔයාට අමතක වුනාට තියෙනවා මගෙ මතකේ 
ඒ මතකයම මගේ බොරුවෙන් රවටාලා 
දුන්නට ඔයාට පින් සතුටින්ම ඉන්නකෝ ඔයා 

ආයෙත් පිදූ හිතට මං....

හොයන දේ ලැබෙන්නෙ නෑ 
ලැබෙන දේ තියෙන්නෙ නෑ 
වටින දේ ලඟින් රැඳෙන්නෙ නෑ 

මාව අතහැරියට ඔයාට පින්....//