ගී පද
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා
ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා
ඔබේ සතුට ඇත්තේ එතන නම්
වරදක් නොකියමි මා...
ඉක්මන් වෙලා ආ දුර දිහා
බැලුවත් හැරී නැවති සුසුමක් හෙලා
කඳුලක් දරා උන්නට වඩා තනිකම සැපයි
නුහුරු සෙනෙහෙන් සදා
මාව හැරදා ඇයි ගියේ
කියා අහනවා හදවත මගේ
හේතුවක් නොදනී මා අනේ
ඔයා යන්නම ගියා...
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා...
කලබල වෙලා සිරකොට තබා
ඵල නෑ බලෙන් ඔබව මා ළග තියා
ඔබේ හදවතේ දැන් ඇති කෙනා
එක්කම හොඳින් ඉන්න මියැදෙන තුරා
මාව හැරදා ඇයි ගියේ
කියා අහනවා හදවත මගේ
හේතුවක් නොදනී මා අනේ
ඔයා යන්නම ගියා...
ඔයාට මාව එපා නම්....