ඔයා තරම් ආදරයෙන්oyaa tharam aadharayen

Oya Tharam Adarayen

ගී පද

(ඔයා තරම් ආදරයෙන් 
උන්නු තව කෙනෙක් නෑ 
ඔයා තරම් මට රිදවුම් 
දුන්නු වෙන හිතක් නෑ)...//

ලඟින් ඉඳන් ඇසට දුන්නු 
සිහින තව මැකී නෑ 
ඔයත් එක්ක ගෙවුනු දවස් 
හිත අමතක කර නෑ 
ඔබට කියා දුන්නුම හිත 
මං තවෙකුට දෙන්නෑ 

ඔයා තරම් ආදරයෙන් 
උන්නු තව කෙනෙක් නෑ 
ඔයා තරම් මට රිදවුම් 
දුන්නු වෙන හිතක් නෑ

මතක ඉරා හදට හොරා 
මට ඉන්නට නම් බෑ 
දුකම තියා ඔබම ගියා 
මට ජීවිතයක් නෑ 
ඔබට කියා දුන්නුම හිත 
මං තවෙකුට දෙන්නෑ 

(ඔයා තරම් ආදරයෙන් 
උන්නු තව කෙනෙක් නෑ 
ඔයා තරම් මට රිදවුම් 
දුන්නු වෙන හිතක් නෑ)...//