ඔයා තරම්oyaa tharam

Oya Tharam

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

ගී පද

ඔයා තරම් කෙනෙක් නැතී ආදරේ දුන්නේ
වෙනස් වෙලා ඔයා කෙසේ මා කෙරෙන් මිදුනේ
තවත් පතා ඔබේ සෙනේ මා බලා ඉන්නේ
මටත් වඩා ඔයා ගැනයි හැම වෙලේ හිතුවේ....

සිතත් රිදෙයි ඔයා නැති ජීවිතේ වියැකී
දිනත් ගෙවේ ඔයා කොහේ ආදරේ නොමැරී
තවත් මගේ සිතේ ඔයයි වෙන කෙනෙකු නොමැතී
මං ඔබෙයි සෑමදා  කියා විඳවමි ජීවිතේ...

ඔයා තරම් කෙනෙක් නැතී ආදරේ දුන්නේ
වෙනස් වෙලා ඔයා කෙසේ මා කෙරෙන් මිදුනේ...

ළඟින් ඔබේ සෙනේ පුදා ආදරේ දුන්නා
මතක් වුනොත් මගේ සෙනේ ජීවිතේ කියලා
ඔබේ ඇසුත් හඬයි අනේ මගේ කඳුළු පරදා
මං ඔබෙයි සෑමදා  කියා විඳවමි ජීවිතේ...

ඔයා තරම් කෙනෙක්...