ඔයා සමු අරන්oyaa samu aran

Oya Samuaran

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

ගී පද

බිඳුණු ආදරේ මතක තියාගෙන
රිදුණු සිත මගේ තාමත් තනියම
දුරක යන්න මා හැරදාලා නොකියම
වරද කියනවද මගෙන් වුණ
(එදා ළං වී කළාට අපි පෙම්
අද මා ළඟ නෑ ඔයා සමු අරන්.....//)

වෙන හිතකට ඔබ කළෘට අද පෙම්
වෙනස් වෙලා නෑ තාමත් මා නම්
සිහින මගේ ඔබ බිඳ දා දැමුවත්
තාමත් ආදරේ පෙරටත් වැඩියෙන්
(එදා ළං වී කළාට අපි පෙම්
අද මා ළඟ නෑ ඔයා සමු අරන්.....//)

දරා ගන්න බැරි තරමට රිදවුම් 
පෙම් කළ වරදට ලැබුණත් ඔබගෙන්
සිහිවෙන වාරේ එදා මතකයන් 
කොහොමද ඉන්නේ මේ දුක ඉවසන්
(එදා ළං වී කළාට අපි පෙම්
අද මා ළඟ නෑ ඔයා සමු අරන්.....//)