ඔය රුව දුටු විටoya ruwa dhutu wita

Oya Ruwa

ඇල්බමය
Dreams 2 My Life
සංගීතය:
රුක්ෂාන් මාර්ක්rukshaan maark
පද රචනය:
නන්දන වික්‍රමගේnandhana wikramagee

ගී පද

ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා  සත්තයි 
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි
 
(මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි 
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි 
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා  සත්තයි 
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි....//)

මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ 
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ 
ඔය මල ළඟ ඉඳ මේ බඹරා ලත වෙන්නේ 
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ.... 

මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි 
හිත පුරා ඇඳි සිරි බැලු බැලු තැන ඔබව පෙනෙයි 
හද පතුලේ ඇති පෙම දැන් ටික ටික  ලියයයි 
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි.....

මට නෙලා ගන්න බැරි...