ඔය පුංචි ඇස්oya punchi aes

Oya Punchi As

සංගීතය:
දේවින්ද පතිරාජdheewindha pathiraaja
පද රචනය:
මධු විජේකෝන්madhhu wijeekoon

ගී පද

ඔය පුංචි ඇස් දීලා පෙර වගේ
මට හීන අරගෙන හිතුමතේ
නවතින්න එනවාද හදවතේ
දුර යන්නෙපා තව නුඹ මගේ
(නුඹට මා පෙම් කෙරූ තරම් 
දැනුණේ නැතිවාද රත්තරන්.......//)

ඉහිරෙන්න කඳුළක් නෙතු මතේ
මගේ හඬන හිනැහෙන ආදරේ 
මට දැනෙයි සෙනෙහස පෙර වගේ
කවුරුන්ද හිත අරගෙන ගියේ
(නුඹට මා පෙම් කෙරූ තරම් 
දැනුණේ නැතිවාද රත්තරන්.......//)

දුර තියා මතකයම හදවතේ
මට යන්න බැරි හැටි 
පුදුමයි මගේ හිත මේ වාගේ 
ඇයිද මෙතරම් මා පෙම් කළේ
(නුඹට මා පෙම් කෙරූ තරම් 
දැනුණේ නැතිවාද රත්තරන්.......//)

ඔය පුංචි ඇස්.......