ඔයා නැතුවoyaa naethuwa

Oya Nathuwa

සංගීතය:
ෂේනුක එච් පීරිස්sheenuka ech piiris
පද රචනය:
සඳුන් පෙරේරාsandun pereeraa

ගී පද

ඔයා නැතුව මම පහු කළ දින ගැන නෑ කව්රුත් දන්නේ
සිනා පුරන්නට බැරි හෙට දවසක නෑ හිතවත් වෙන්නේ
මේ තරම් සැකයක් තියන් හිත අස්සේ 
මා තමයි කඳුළක් උරුම කර ගත්තේ
උරුම කර ගත්තේ.........

හිත තාම හෙව්වේ හේතුවක් පණ එක්ක යන්න ආයෙමත්
අපි ගෙව්ව කාලේ ඒ වුණත් හැබැහින්ම දැක්ක හීනයක්
සමාවෙලා හිටියත් අද තවත් හිනාවෙලා නෑ මං වෙන් වුණත්
මේ තරම් සැකයක් තියන් හිත අස්සේ 
මා තමයි කඳුළක් උරුම කර ගත්තේ
උරුම කර ගත්තේ.........

වරදක් වුණාට මා කෙරෙන් විඳවන්න බෑනේ මේ ලෙසින්
ඔබ දුන්නු ආදරේ තරම් කිසිදාක ලැබුණේ නෑ යළිත්
සමාවෙලා හිටියත් අද තවත් හිනාවෙලා නෑ මං වෙන් වුණත්.......

ඔයා නැතුව.......