ගී පද
ඔයා හිතනවා ඇති ඔයා ගැන තාම මං හිතනවා කියලා
ඔයාවම මතකේ තියාගෙන දුක් විඳිනවා කියලා
මතක් කර කර මං හඬනවා කියලා
ඔව් ඔබට හිතෙනෙ දේ හරි මං තාම හිතනවා
මං තාම හඬනවා
ඔයා මා දමා ගියත් මට ඔබෙන් දුර යන්න බෑ......
සුනු සඳෙ ගෙවී පිනි පොදේ රැඳී දිලිසෙනවා
ඔයා හොරෙන් යටැසින් බලනවා වාගේ
දුක් සුසුම් නමුත් නෑ විසඳුම්.....
රෝස මල් පිපී ඔබේ සුවඳ ගෙනෙයි විඳින්න බෑ
සිනහා අරන් හීනෙන් එබෙනවා විතරයි
දුක් සුසුම් නෑ උණුසුම් නමුත් නෑ විසඳුම්.....
ඔයා හිතනවා.....
ඔබෙන් දුර යන්න බෑ......//