ඔය හිත වෙත ආදරේ කලේoya hitha wetha aadharee kalee

Oya Hitha Wetha Adare Kale

සංගීතය:
රක්ෂිත විජේහේවrakshitha wijeeheewa
පද රචනය:
රක්ෂිත විජේහේවrakshitha wijeeheewa

ගී පද

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා
දෑසට කඳුලැල් නැගුනේ හැර ගිය හින්දා
ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා
නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා.......

සසර මැද ඔබ හමු වී දිගම ගමනට සැරසී
අතරමග මා හැරදා යන්න ඕනේ කීවා
සඳේ නුඹවත් මගේ මේ දුක අසයි නම්
පිළිගන්න බෑ කිසිදා එන්නෑ යළි එන්නෑ යළි......

ඔය හිත වෙත......

කඳුළු කැට සිර වීලා නොපිපි මල් පරවෙලා
කොහෙද නුඹ පෑ සිනහා යළිදු දැක ගනු සඳහා
ඔබේ මතකෙන් මගේ හිත දුරස් නොවේ නම්
තනිවෙලා මං ඉන්නම් ආදරේ නිසා ආදරේ නිසා......

ඔය හිත වෙත......