ඔයා ගැනම මං හිතන තරම්oyaa gaenama man hithana tharam

Oya Ganama Man Hithana Tharam

සංගීතය:
කසුන් අනුෂාන්kasun anushaan
පද රචනය:
කසුන් අනුෂාන්kasun anushaan

ගී පද

ඔයා ගැනම මං හිතන තරම් 
දැනෙන්නේ නැතිවද හිතට නුඹේ
(හීනයක් සඟවා පපුව තුළ මා දැවී යනවා.....//)

ක්ෂිතිජ වලාවක අඳුර වෙලා නුඹ මට රිදවනු එපා 
විඳවන්නේ නෑ මේ තරම් දුක නුඹ වෙනුවෙන් යළි කිසිදා
මා තරම් සෙනෙහස දුන් නුඹහට කිසිවෙකුත් නෑ ලොවේ
මට හිමි ආදරේ නුඹ කොහේදෝ ගෙන ගියේ මා දමා.......

වෙන් වී ගියදා නුඹ මගේ ලෝකෙන් තනිකම විතරක් උරුම වෙලා
කියාගන්න තව සෙනෙහස නෑ මට නුඹ වෙනුවෙන් මේ භවයේ
මා තරම් සෙනෙහස දුන් නුඹහට කිසිවෙකුත් නෑ ලොවේ
මට හිමි ආදරේ නුඹ කොහේදෝ ගෙන ගියේ මා දමා.......

ඔයා ගැනම මං......