ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑoyaa dhuras welaa kiyalaa hitha piligannee nae

Oya Duras Wela Kiyala Hitha Piliganne Na

ගී පද

ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ
ඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑ
ඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑ
ඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑ
මට අමතක නම් නෑ

සිනා පොකුරු මල් පිපිච්ච දොතොල ගොලු වෙලා
ආදරයෙන් දුරක ගියපු ඇස් නපුරු වෙලා
තුරුලු වෙලා සිහින මවපු තැන් මතකයන් වෙලා
මටත් හොරෙන් තනිකමටම මං අවනතම වෙලා

ඔයා දුරස් වෙලා කියලා ....

ඉස්සර වගේ නුඹේ සුවඳ සුළඟ ගෙනල්ලා
විදිමි හඩමි නුඹෙයි මගෙයි අතීතෙට වෙලා
නෙතට සිතට කදුල දැන් හුරු පුරුදු වෙලා
ඔයා නිසා ජීවිතයම මගෙ කලුවරම වෙලා

ඔයා දුරස් වෙලා කියලා ....