ඔය දෑස දෙන්නoya dhaesa dhenna

Oya Dasa Denna

ගී පද

ඔය දෑස දෙන්න ගම යනකොට ගෙදර අරන් යන්න 
ඔබේ සුසුම් දෙන්න ඉහ අද්දර සෙමෙන් තියාගන්න 
සරසවි නිවාඩුවට හෙට ගම් බලා දුවන්න 
ලිලී මල් මිටක් අරගෙන රේල්ලුවට එන්න......

මල් සුවඳ හාදුවක් තියලා සුනිල් වලාවක 
පා කර එවන්න මං තනි වූ ගං දොර අයිනට 
සිහිනයක් නොවී දැනේවි මට ඔබ ඉන්නා වග......

ඔය දෑස දෙන්න.....

සඳ රෑට ඇවිත් වැතිරෙන කිරි ඉද්ද පඳුර මත 
කොඳුරා කියන්න කවියක් රහසින් ඒ සඳ අත 
සිහිනයක් නොවී දැනේවි මට ඔබ ඉන්නා වග......

ඔය දෑස දෙන්න.....