ඔය ඇස් වලින් බලාoya aes walin balaa

Oya As Walin Bala

සංගීතය:
දිලුම් නුරාධdhilum nuraadhha
පද රචනය:
තුසිත් ගුණසේකරthusith gunaseekara

ගී පද

ඔය ඇස් වලින් බලා ගිය බැල්මෙන් මා හද පිරී ගියා 
හීනයෙන් හෝ දමා නොයමින් හිත නුඹ ළඟට වුණා
මම ආදරේ කිව්වේ නෑ දෑසින්
මට ළං වෙන්න එපා මේ ජීවිතේ වින්ද ඒ හීනෙන්
තව දුක් විඳින නිසා......

රන්දා දෙනෙත් මහදේ පෙම් හීන ගොඩ ගසා
කැන්දා යමි කියමින් හැම හීන බිඳ දැම්මා
ඒවාගේ නෑ මගේ හිත නම් දිව්රා කියා ළඟ ඉන්නම්
(මගේ දෑස සේ රකිමින් පණ වාගේ රැක ගන්නම්.....//)

හංගා හිතේ කිසිවක් ඔය වාගේ බොරු කියලා
මං ගාව වී වෙනතක ඇදිලා ගියාදෝ කියා
නෑ මාගේ තුන් හිතකත් ඔය වාගේ බොරු හිතිලා
(සංසාරේ ආවා සේ ඔය දෑස මට දැනුණා.....//)

ඔය ඇස් වලින් බලා.......