ඔය ඇස් දෙකoya aes dheka

Oya As Deka

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

ගී පද

ඔය ඇස් දෙක මතක් වෙලා හිත රිදෙන තරම්
මතක් වෙනවා මගෙ ලගින් හිටපු ඒ දවස්
ජීවිතේම මන් කියලා ලංවෙලා ඉදන් 
(ආදරේ කියා කිව්වේ බොරුවටද ඉතින්...//)

නෑ... කවුරුවත්ම නෑ...
ආදරේ කලේ ඔබට මං වගේ 
නෑ... කාටවත්ම නෑ...
අයිති මට වගේ ආදරේ ඔබේ 
මගේ රත්තරනේ...

(ඉස්සර මගේ ලගින් උන්නු කාලය ගෙවුනත් 
මම ඉන්නේ තාමත් ඒ මතක හිත තියන්)...//
කොහේ උනත් ඔයා ඉන්නේ අද සතුටින්නම් 
මගේ ලගට ආවේ නැතත් කමක් නෑ ඉතින් 

නෑ... කවුරුවත්ම නෑ...

(හමුවී නෑ මට තාමත් ඔයා වගේ කෙනෙක් 
ආදරේ කරන්නට බෑ ආයෙමත් ඉතින්)..//
වේදනා තියා මේ සිත හඬවා ඔයා ගියත් 
අමතක වෙන්නෑ මටනම් ඔබ කවදාවත් 

නෑ... කවුරුවත්ම නෑ...