ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේoruwaka paawena rae ghana anduree

Oruwaka Pawena Ra Gana Andure

සංගීතය:
මොහමඩ් සාලිmohamad saali
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

ඔරුවක පාවෙන - රෑ ඝණ අඳුරේ..
තොටියෙකි මා මේ - සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ...

පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි...
පාළු වෙලා මගේ ලෝකේ..
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි 
පාළු වෙලා මගේ ලෝකේ...
මගේ අඳුර මකා දී - ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා...

ඔරුවක පාවෙන.../

මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා - කොළ පතට බෙදාලා..
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා..

ඔරුවක පාවෙන.../