ගී පද
ඔරු කඳ පාවී..... දියඹට යාවි....
සීතල මාරුතේ...
රල පෙරලේ විසිරේ.. පාවී යාවී.....
සිතුවිලි සාගරයේ...
හො......හෝ.......හො.......හෝ........
හො......හෝ.......හො.......හෝ........
මේ රුදු සාගරයේ
බාදක මාරුතයේ
මාවත කොතනකදෝ
ජීවන නෞකාවේ....
ඔරු කඳපාවී.../
පාළුව තනිය නිවා
දෑසට සිහින මවා
නැවතුම කෙදිනකදෝ
ප්‍රාර්ථනා වෙරලේ....
ඔරු කඳපාවී.../