ඔංචිල්ලා තොටිලි කොයින්දෝonchillaa thotili koyindhoo

Onchilla Thotili Koindo

ගී පද

(ඔංචිල්ලා තොටිලි කොයින්දෝ
රන්සලු පිළි වළලු කොයින්දෝ
දොයි දොයි පුත ළපටි බිළින්දෝ
රන්කඳ රැකදේවි සුරින්දෝ...//)

රුසිරෙන් සරු මල්සර පළඳා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා

(සිතමින් මවගෙ කතා
දොයි දොයි දොයිය පුතා...//)

ඔංචිල්ලා තොටිලි....

සලකනු පර පණ තම පණ සේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුනු රට දැය සහ සමයයි
රැක මළ පසුවද නම නොමැරෙයි
(හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳියි...//)

රුසිරෙන් සරු....
(හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳියි...//)