ක්‍රීඩා ඉරේkriidaa iree

Olympic Geethaya

සංගීතය:
චිත්‍රාල් සෝමපාලchithraal soomapaala

ගී පද

ක්‍රීඩා ඉරේ රැස් පීරා
ක්‍රීඩා උණුසුමේ නාවා
සිවු දිසා බැඳුණා

ඇරඹේ සාදරෙන්
අව්වේ දහඩියෙන් වැගිරේවී
නොසැලී වේගයෙන්
රැවුදී සහනයෙන් සැනසේවී
රන් දහඩියයි දේශයේ
අභිමානේ පිරී අඹරේ දිලේ

ක්‍රීඩා ඉරේ රැස් පීරා
මග හෙලිවේ දිලිසේ ජයටැම් කරා
ක්‍රීඩා උණුසුමේ නාවා
සිවු දිසා බැඳුණා

සූදානමින්
එක්රොක්වී හැඟුම් යාවී
නැවතී වීරියෙන්
දිනමූ ජීවයෙන් හිමිවේවී
සිරි දීපයයි සාගරේ
අභිමානේ රකී සිත් සේනා අපේ