ඔබේ උපන් දිනේ අදයිobee upan dhinee adhayi

Obe Upan Dine

සංගීතය:
පැට්‍රික් දෙණිපිටියpaetrik dhenipitiya
පද රචනය:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

ගී පද

ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගුකල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

මා හා කියූ දේ ළං වී මුවෙන්
ගිලිහී ගියාදෝ ඔබගේ හදින්
කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඉවත හෙලාලා සෙනෙහෙ කැලුම් 
ඇයි මා පෙළන්නේ නොදොඩා මුවින් 
කම් නෑ ඉතින් මා නොහොඩා හිඳීම් 
පිළිගන්වමි මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ අදයි .../