ඔබේ සුසුම් පවන් සලයි obee susum pawan salayi

Obe Susum Pawan Salai

ගී පද

ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනෙහස ගොඩ ගලයි
උනුසුමට මාව තෙමෙයි

මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
ඔබ සදක් වගේ හැඩයි
හෙට අමාවකද සැකයි

ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි
ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කලද සැකයි

ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනෙහස ගොඩ ගලයි
උනුසුමට මාව තෙමෙයි