ඔබේ රළු පරළු ආදරේobee ralu paralu aadharee

Obe Ralu Paralu Adare

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
නිරූපා ද සිල්වාniruupaa dha silwaa

ගී පද

ඔබේ රළු පරළු ආදරේ දැනේ සේ සාගරේ //
අහස සමුදුරු එක්ව සරසන රුසිරු සිතිජය මගේ
ලබැදි ඔබේ ආදරේ
මේ තරම් ඇයි මේ මං ආදරේ //

සිනාසෙන මගේ ඇස් බලා කඳුළ මට තහනම් කලා
හඞන්නම් මා ඕනෑ වුනත් ම සිනාසෙමි ඔබ දෙස බලා
කඳුළු නැති ආදරේ දැනේ සේ සාගරේ
මේ තරම් ඇයි මේ මං ආදරේ 

කවි ලියන මගේ හිත පුරා කවිනි නිති මට දුන් ඔයා
දිනෙන් දින මට සිහින ලංකර ජීවිතේ කවියක් කළා
කවි ලියන ආදරේ හවස අහසක් වගේ
මේ තරම් ඇයි මේ මං ආදරේ

ඔබේ රළු පරළු ආදරේ ........