ඔබේ පෙම් වදන් නෑobee pem wadhan nae

Obe Pem Wadan Naa

ගී පද

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ

හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්