ඔබේ පා යුග දණ නමන්නටobee paa yuga dhana namannata

Obe Payuga Dana Namannata

ගී පද

ඔබේ පා යුග දණ නමන්නට
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
අපි ලැබූ පින් අපිට අද හිමි නෑ ....
අනේ අද අපි අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ....

අපේ ආගම අපේ කී ඔබ
අපේ ජාතිය අපේ කී ඔබ 
අපේ දේශය අපේ කී ඔබ
අපේ ළඟ අද නෑ
අපේ හාමුදුරුවනේ .... //

අපේ ලෝකය අපේ වූ ඔබ
අපේ ජීවය අපේ වූ ඔබ
අපේ දෑසග අපේ වූ ඔබ
අපේ ළඟ අද නෑ
අපේ හාමුදුරුවනේ .... //