ගී පද
ඔබේ පැළ - පැලේ පිළ -පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන මත නොමැති සුවය ඇත
බාල කාලේ එකම ගුරු ගෙදර අකුරු කළ
එකම කෙළිමඬළ වැද කෙළි දෙලෙන් ඇවිද ගිය
ඔබ මෙදා පැල්පතක මා සැඳැල්ලකය අද
යස ඉසුරු පවුරනික් ම අහිමිවීය ඔබ
ගාමිණී නොවේ ඔබ චිත්‍රාව සොයා ආ
සාළියත් නොවේ ඹබ මාලා ව සොයා ආ
සදාකල් ඔබ පැලේ මා සැදැල්ලේ මෙතැන
පැතුම පමණෙකි සතුට - කදුළ පමණෙකි උරුමෙ