ගී පද
ඔබේ නීල නෙත් මානයේ රැඳි කෝළ සිත්තම් ලෙසින්
මා රැඳුනා ඔබේ හදවතේ
පාට ගෑ හීනයේ ඉඟි පාන සමනල් ලොවේ
ඔබ හිටියා මගේ ළඟට වී තරු පොකුරු හිනැහෙන රැයේ
අද රෑ ඔබ මගෙන් මිදී
(කොහේදෝ ඈත දුර ඉගිලුණේ...//)
සීත යාමයේ ඔබේ උණුහුම මගේ ළඟින් ඇති
ළංවෙලා කියූ වදන් දැන් වියැකිලා දුර ඈත යයි ඔහේ ඇදී
ඒ හීනයේ ඉන්නෙම්ද මා කෙසේ ඔබ නෑ අද මගේ ලොවේ
(මා තනිවුණා හීනයේ...//)
දෑත ආදරෙන් වෙලී වුන් කාලේ ආයෙමත්
ජීවිතේ ඇති තුරා කිසි ලෙසින් එන්නේ නෑ ආයේමත්
නෑ වැටහුණේ ඔබට මගේ ආදරේ
මා රිදවමින් මේ ලෙසේ
(ඇයි හැර ගියේ සොඳුරියේ...//)