ඔබේ නමින් සෑය බඳිමිobee namin saeya bandimi

Obe Namin Saaya Bandimi

පද රචනය:
මහගමසේකරmahagamaseekara

ගී පද

ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්න තිලක පැලදි ලියේ
සිනා සිසී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..

බාල චන්ද්‍ර පටු නලලත අලක අඳුන් අඳින ලියේ 
ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම තාල හඬට හනන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ..
ස්වර්ණමාලියේ..

ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..