ඔබෙ නමට පුදමී සදාobe namata pudhamii sadhaa

Obe Namata Pudami Sada

සංගීතය:
සංජුල හිමාලsanjula himaala
පද රචනය:
සචිත උදයංගsachitha udhayanga

ගී පද

ඔය ඇස් දිහා පෙම යාවෙලා 
ගෙතු කාරණා හද දිවුරුවා 
සිත තෝරනා ඔබෙ පෙම් සිනා 
ලැබෙනා තුරා මා යදිනවා 
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා 
එනමුත් නොහැඟෙදෝ ආදරේ 
ඉතිරෙන ආදරේ ඔය හද තුල තියා  
මට සිත දෙයිදෝ පැතු කුමරියේ 

මාගේ දෛවේ පිදු ඒ උරුමේ ඔබ වේදැයි 
සිත කීවේ දුටු මුල් දිනේ 
පැටලුම් වීලා විසඳුම් සොයලා සිත ළඟ පෑහී 
කියනු ඔබ කවුදෝ කියා 

ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා 
තනිකඩද සිත අසනවා 
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත් 
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි 
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා 
එය ඔබෙ නමට පුදමී සදා 

ඔය ඇස් දිහා.... 

ඇසෙනා මානේ ඔබ අද වේ නම් ඇති නම් හර්දේ 
ප්‍රේමේ නොපිරූ ඉඩක් 
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ 
නොපිරූ තැන් පුරවන්නමයි 
ඔබ නිසා තැනු ගීතේ අවසානය කෙරේ 
මැවු සිහිනෙ පිබිදෙයිද මං
 
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත් 
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි 

(ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා 
එය ඔබෙ නමට පුදමී සදා...//)